Monday, November 5, 2018

Angular 6 පාඩම - 5 - Interpolation


ආයුබෝවන්,අද මම කියල දෙන්න යන්නෙ interpolation ගැන,

Interpolation කියන්නෙ අපි typescript file එකේ කරන වෙනස්කම් කොහොම්ද  අපේ  html file එකේ පෙන්නගන්නෙ කියන එක ගැන.

මං මේ වැඩේ කරගන්න hello කියන නමින් අලුතෙන් component එකක් හදාගත්තා..ඊට පස්සෙ ඒකෙ selector එක වන <app-hello> කියන selector එක app.component.html එකට දා ගත්තා..(මේ වැඩේ කරන හැටි කලින් ලිපියෙන් පැහැදිලිව කතා කලා)

මම html file එකේ hello,Amal කියල h2 tag එකක් ඇතුලෙ ටයිප් කලා…මේක run කරල බැලුවොත් hello,Amal කියල view වෙනව…




නමුත් මේක static.අපට මේකෙ නම මොකක් හරි logic එකකින් වෙනස් කරන්න හැකියාවක් නෑ..වෙනස් කරන්න html file එකම වෙනස් කරන්න වෙනව…

නමුත් අපට ts file එකේ logic එකක් ලියල මේ නම වෙනස් කරගන්න පුලුවන් වෙන්න ඕන.එ කියන්නෙ මොකක් හරි Array එකක තියෙන text එකක් ,JSON file එකක තියෙන එකක් පෙන්න ගන්න ඕන නම්  ts file එකත් එක්ක ගනු දෙනු කරන්නම වෙනව…
හරි.දැන් අපි ts file එකේ name කියල variable එකක් හදාගන්නව…ඊට පස්සෙ ඒකට නමක් assign කරනව…පහල රූපය බලන්න.
මේ නම කොහොමද දැන් අපි පෙන්නගන්නෙ…ඒකට තමයි අපි සගල වරහන් යුගලක් use කරන්නෙ… {{ }}
 Html file එක ඇතුලෙ අර හදාගත්තු name කියන variable එක දාගත්තාම ඒකට assign කල නම view වෙනව බලාගන්න පුලුවන.






ඉතින්  සරලව ඔන්න ඔය වගේ  වැඩක් තමයි interpolation කියන්නෙ..

තව දුරටත් methods use කරමින් මේ වැඩේ කරන හැටි තමයි මේ…



Interpolation කියන්නෙ සරලව මේ දේ කියල කියන්න පුලුවන්.මෙක සරල උනාට ඉදිරි පාඩම් වලට ගොඩක් ඕන වෙනව…එහෙනම් ගිහිං එන්නම්.

ජය.!!!

No comments:

Post a Comment