Saturday, October 20, 2018

මොකක්ද මේ DHCP(Dynamic host configuration protocol) කියන්නේ ..

අපි අද බලන්න යන්නේ මොකක්ද මේ DHC protocol කියන්නෙ කියල.
අපි දන්නව network එකක තියෙන හැම device එකකටම ඒකටම විතරක් විශේශ ip address එකක් තියෙනව කියලා.ඒකෙන් තමා ඒ device එක uniquely identify කරගන්නේ..
අන්න එහෙම වෙනකොට අපිට ප්‍රශ්නයක් එනවා කොහොමද මේ ip address assign වෙන්නේ කියලා ..ඒ ඒ  device එකට කොහොමද එහෙම ip address එකක් දෙන්නේ කියලා.ඇත්තටම ඒක සිද්ද කරන්න පුලුවන් විදි 2ක් තියෙනව.

1.manual 
මේක කරන එක එතකොට අපිට සිද්ඩවෙනව computer එකෙන්  එකට මේක වෙන වෙනම කරන්න,හිතන්න computer 100ක් විතර තියෙනවනම් වැඩේ අමාරුයි නේද,අනික්දේ මේක කරන්න සාමාන්‍ය කෙනෙක් දන්නවද ?? නෑනේ නේද ??

2.මේ වැඩේ DHCP method එක්කට කරන්න භාරදෙන එක.
ඇත්ත්ටම මේ DHCP කරන්නේ අපේ network එකට අලුතින් device එකක් add වෙනකොට හරි ඉන්න කෙනෙක් අයින් වෙනකොට හරි මේ ip address assign කරන එක හරි unassign වෙන එක හරි එයා කරල දෙන එක.
sidenote:- ඔයා ලොකු network එකක් handle කරනවනම්  ඔයාට මේ DHCP වැඩෙට විතරක් වෙනම server එකක් maintain කරන්නත් පුලුවන්.ගොඩාක් server operating system වල DHCP buit-in ම තියෙනව. 

හැබැයි පොඩි home network එකක DHCP router එකට built-in එනවා.
ඒ හන්දා අපිට මහලොකු දෙයක් කරන්නම නෑ computer එක router එකට plug කරාම එක ඉබේම වැඩ කරන්න ගන්නව.

දැන්අපි බලන්න යන්නේ අන්න ඒ වැඩේ කොහොමද ඇතුලේ සිද්දවෙන්නේ කියලා.

උඩ රූපයේ  වම් පැත්තෙ  තියෙන pc දෙකම router එකට connect වෙලා තියෙන්නෙ.ඒ කියන්නෙ ඒ අයට වෙන වෙනම ip addresses තියෙනව.
දකුනු පැත්තෙ ඉන්න pc එක network එකට connect වෙන හැටි බලමු.

මුලින්ම  එයා කරන්නෙ network එකට DHCP discover message එකක් යවන එක (ඒක broadcast message එකක් ).එකෙන් කරන්නෙ එයා ඉල්ලනව ipaddress එකක්.ඒ වෙලාවෙ එයාගෙ ipaddress එක 0.0.0.0 (default ip address). router එක ඒක අල්ලගත්තම.එයා ආපස්සට DHCP offer message එකක් යවනව.ඒකෙන් කියන්නෙ කවුරු හරි කෙනෙක් ip address එකක් ඉල්ලල තියෙනව router එක බලනව තව ඉතුරු වෙලා තියෙන ip addresses මොනවද කියලා..ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන එකක් යවනවා. ඒ යවන්නේ 0.0.0.0 ට
ඒ කියන්නේ broadcast message එකක් විදිහට.

එතකොට ඒ යවපු address එක pc එක ගන්න කැමතිනම් pc එක dhcp request message එකක් ආපහු router එකට යවනව.
ඊටපස්සේ අවසාන වශයෙන් router එක pc එකට acknowledgement එකක් යවනව.


ඒ කියන්නේ හරි ඕක තමයි එහෙනම් ඔයාගෙ ip address එක කියල router එක පණිවිඩයක් pc එකට යවනව..
ip address එකම විතරක් නෙවෙයි තවත් තොරතුරු මේ acknowledgement  එකේ ඇතුලත් වෙනවා.(subnet mask,router එකේ ip addresses etc.)

අපි pc එක router එකට plug කරද්දි ඒ අතරතුරෙ මේ ඔක්කොම සිද්දි වෙනවා
අපි pc එක unplug කරද්දිත් ඔය වගේම ක්‍රියාවලියක් වෙලා ip address free වෙනවා.

ඉතින් ඕක තමා DHCP වල මූලිකම ක්‍රියාවලිය..













No comments:

Post a Comment