Sunday, October 21, 2018

මොකක්ද මේ Open System Interconnection model(OSI) කියන්නේ???

අපි අද කතා කරන්න යන්නේ නිතරම අපිට ඇහෙන OSI model එක කියන්නේ මොකක්ද කියලා ඉතා සරලව..මුලින්ම කියන්න ඕනි මම මේක ඉතාම සරලව කියදෙන්න යන්නේ නැත්නම් අපිට මේක ගැන පැය ගානක උනත් කතා කරන්න පුලුවන් මාතෘකාවක්.

කොහොමද computer network වැඩ කරන්නෙ computer එකිනෙක communicate කරන්නේ කොහොමද කියලා අපිට ප්‍රශනයක් තියෙනවනේ මේ model එක use කරලා අපිට පුලුවන් මේ ගැන හොද  overview එකක් ගන්න. මුලු networking ක්‍රියාව්ලියම නැත්නම් computer communication කරන හැටි මේකේ layers 7කට වෙනම කඩලා අපි ඉගෙනගන්නවා.

අපි  බලමු මොනවද ඒ layers 7කියලා.

1.Application Layer
2.Presentation Layer
3.Session Layer
4.Transport Layer
5.Network Layer
6.Data Link Layer
7.Physical Layer
මතක තියා ගන්න අපි Programmers Do Not Throw Sausage Pizza Away කියල මතක තියාගන්නවා

මුලින්ම බලමු
Application Layer
ඇත්තටම මේ layer එකේ තියෙන්නෙ computer එකේ run වෙන softwares ගැන උදාහරණ
විදිහට :-Firefox,Chrome,Email යවන s/w,Skype

වගේ applications. ඒව ගොඩක් user experience එකට ලග ඒවා.
මේ layer එකේ use වෙන protocols තමා HTTP,HTTPS,FTP,NNTP,POP3,IRCP,DHCP

Presentation Layer
අපේ operating system එක අදාල වෙන්නෙ මේ Layer එකට.අපි සාමාන්‍යයෙන් use කරන
letters,numbers අපේ computer එකට අදුරාගන්න බෑ.එයාට තෙරුම් ගන්න පුලුවන්නෙ ASCII  භාශාව.
ඉතින් මේ layer1න්  කරන එක ප්‍රදාන වැඩක් තමා normal english language එක computer එකට තේරුම් ගන්න පුලුවන්  language එකකට convert කිරීම.
ඊට අමතරව data encrypt කිරීම හා decrypt   කිරීම කරන්නෙත් මෙයා.එතකොට යම් ආරක්ශාවකුත් අපේ data එකට ලබාදෙනවා මේ layerඑකෙන් .
ඒ වගේම data compress කිරීමකුත් කරනවා මෙයා..

Session layer
computer 2ක් මොනව හරි data transfer කරමින් conversation එකක ඉද්දි අපි එකට "session"එකක් කියල සරලව කියනව.හිතන්න අපිට website එකකින් data ගන්න අවශ්‍ය නම් අපේ computer එක අදාල web server එක සමග session එකක් හදාගන්න ඕනි.අන්න එහෙම sessionහදාගැනීම, session එක අතරතුරේ ඒක maintain කිරීම ඒ කියන්නේ මොකක් හරි වෙලා session එක disrupt උනොත් ඒක නැවත ස්තාපනය කිරීම කරන්නෙත්
session layer එකමයි.
conersation එකක් start කිරීම,end කිරීම ,maintain කිරීම කරන්නේ මෙයා.

Application Layer,Presentation Layer,Session Layer කියන layers 3ම වැඩ අපේ web browser එක අපිට කරලදෙනවා 

Transport Layer
computer එකකින් තවත් computer එකකට data යවද්දි ඒ data  යවන්නේ data packet විදිහට කඩල පොඩි පොඩි කොටස් වශයෙන්.Transport Layer එකෙන් එකෙන් ඒ data reliableව send කරලා දෙනව..ඒ වගේම ඒ data පිලිවෙලට යෑවීමත් මෙයා සිද්ද කරනව.
ඒ වගේම අවශ්‍ය තැන් වලදි මේ data තවත් කුඩා කොටස් වලට කැඩිම සිද්ද කරනව.
Data segmentation,Flow control, Error correction කියන වැඩ ඔක්කොම මෙයා කරනව.

මේ layer එකේ use වෙන protocol තමා TCP(Transmission Control Protocol),UDP(User Datagram Protocol) 

Network Layer
computer  දෙකක් අතරේ data transfer කරන්න routes මිලියන ගානක් වුනත් තියෙන්න පුලුවන්  ඒ අතරින්  හොදම route එක තෝරලා දීම කරන්නෙ මෙයා.හොදම කියන්නෙ reliableම හා fastestම path එක.
අපේ ගෙදර තියෙන router එක තියෙන්නෙත් මේ layer එකේ deviceඑකක් විදිහට.ඒ කියනේ අපිට ඔය වැඩේ කරල දෙන්නේ router එක.
ඒ වගේම logical addressing කියන වැඩෙත් කරන්නෙ මෙයාමයි.. ඒ කියන්නේ අපේ device  වලට ip address assignකිරීම.. ඒ ගැන මම DHCP කියල ලිපියක් ලිව්වා ඒකත් බලන්න කියලා මතක් කරනව..(https://ithelpdesksrilanka.blogspot.com/2018/10/dhcpdynamic-host-configuration-protocol.html)
Open Shortest Path First (OSPF),Border Gateway Protocol (BGP)  protocol මේ layer එකට අයිති ඒවා.

DataLink Layer
Network Interface Card එක තියෙන්නේ මේ layer එකේ..data එකේ error check කරනව error තිබුනොත් ඒ data එක resend කරනවා.ඒ හන්ද reliable transmission එකකට මේ layer එක වැදගත්.. physical addressingකරන්නෙත්  මේ layer එකේ.(computer දෙකක් අතර යවන data packet එකකට sender හා receiver ගේ mac address එකතු කරන්නෙ මේ layer එකෙන්.)
computer දෙකක් අතර data යවන්න යම් media එකක් ඕනිනෙ අන්න ඒ media එක(physical link එක )Access කරන්නෙ මෙයා.
data එකක් කොහොමද media එකේ place කරන්නෙ data එකක් කොහොමද media එකෙන්  access කරන්නෙ කියන එක බලාගන්නෙත් මෙයා.

Physical Layer
cable,fiber optics වගේ medium අදාල වෙන්නේ මේ layer එකට,සාමාන්යෙන් එන binary sequence data electronic signal වලට convert කරන්නේ මෙයා.



ඉතින් ඔන්න ඔය ටික තමා මම අද ඔයාලට ගෙනාවෙ.. හිතනව වැදගත් වෙයි කියලා.එහෙනම් ඉතින් අදට මම ගියා,, ජය වේවා !!!





3 comments: