Friday, November 2, 2018

server ද serverless ද ???

අද අපි කෙටියෙන් කතා කරන්න යන්නේ server හා serverless ගැන..

server

server  කියන්නේ  traditional ක්‍රමය  high performance  වැඩ ගන්න ඒ වගේම හොද reliability  එකක් පවත්වාගන්න මේ ක්‍රමය වඩාත්
ගැලපෙනවා. ඒ වගේම අපි  servers  use  කරද්දි ඒ කියන්නෙ අපිම  server  එකක්  අපේ  organization  එකේ  පවත්වාගෙන  යනවනම්.
අපේ  it team  එකට 24/7   එකේ unlimited access  ලබාගන්න  පුලුවන්.අපිට අවශ්‍ය විදිහට  softwares install  කරගන්න පුලුවන්
අපිට අවශ්‍ය විදිහට  configure කරගන්නත් පුලුවන් .

server වලදි cost එක ගැන කතාකලොත් ඒ  physical server හොද powerful උනත්  hardware,software අපිටම purchase  කරගන්න වෙනවා
අන්න ඒ හන්ද මේ  server  ක්‍රමය ටිකක්  cloud(serverless) වලට වඩා මිල අදිකයි.
අපිට අවශ්‍ය කරන්නේ මිල අඩු ක්‍රමයක්නම් ඒකට ගැලපෙන්නෙ serverless  වලට යන එක තමා.

server  වල  security  පැත්ත බැලුවොත් තමන්ගෙ data තමන්ගාවම තියාගන්න එක තමන්ට ආරක්ශිතයි කියලා හිතෙන්න පුලුවන් .ඒ වගේම හැබැයි එහෙම උනොත්
අපිට අපේ  server  වල  softwares update ව තියාගන්නවෙනව.මොකද  cyber  attack  වලින් අපි ආරක්ශා වෙන්න ඕනි නිසා.


serverless


ඇත්තටම  severless  කියන නමින්  අපිට එන අදහස තමා server එකක් නෑ කියන අදහස ඇත්ත්ටම ඒක එහෙමද ??

නෑ ,ඇත්ත්ටම ඒක නෙවෙයි මේ  serveless  කියලා කියන්නේ,,
serverless architecture එක  use  කරන පුද්ගලයාට ඇත්ත්ටම තමන්ගෙ  back-end code run  කරවන්න  වෙනම  server එකක්  තමන්ගේ
යටතේ පවතවාගෙන යන්න  ඕනි වෙන් නෑ.. ඒ වෙනුවට එම පුද්ගලයාට පුලුවන් ඒ වැඩේ   cloud platform එකකට භාරදීලා ඉන්න .අන්න ඒක තමා මේ සරලව
 serverless  කියලා කියන්නේ .
 මේ ක්‍රමය ඉතාම ලාභ්දායි සහ  server  ක්‍රමයට වඩා පහසු ක්‍රමයක් . ඒ වගේම වැදගත්ම දේ දැන් මේ සේවාවන් අපිට ලබාදෙන සමාගම් අපිට තවත් ඉතා හොද සේවාවන්
රැසක් ලබාදෙනවා.

කියන්න අමතක උනා මේ සේවවන් අපිට ලබාදෙන ප්‍රදාන සමාගම් වෙන්නේ  Amazon වලින් AWS,Google වලින් Cloud ,Microsoftවලින් Azure.




ඇත්තටම මේ  technology එක ප්‍රදාන  category 3කට කඩන්න පුලුවන්.
1. IaaS-Infrastucture as a service
2. PaaS-Platform as a service
3. SaaS-Software as a service
 කියලා
දැන් දැන් ව්‍යාපාර ගොඩාක් මේ  serveless technology  එක හදුනාගනිමින් ඊට හැඩගැසෙමින් ඉන්නවා.
Cisco  සමාගම ලගදි නිකුත් කරපු  whitepaper  එකක 2019   වනවිට organization වලින් 86%  මේ නව තාක්ශනය වැලදගෑනිම සිදුකරනව කියල සදහන් කරලා
තියෙනවා.
ඒ වගේම  uk  වල  business  වලින්  63%ක් cloud platform වලට මාරු වෙලා  තියෙනවා.

serverless වලදි අපි  cost එක ගැන කතා කරොත් මෙතනදි අපිට hardware,software වලට  invest  කරන්න ඕනි නැහැ.
අපිට  pay කරන්න වෙන්නේ අපි  use  කරන  services  ප්‍රමාණයට හා  storage  ප්‍රමාණයට විතරයි. ඒ වගේම මේ  remote servers  හොදට utilize  වෙලා
තියෙන නිසා වැඩියෙන්  current එක use  කරන්නෙත් නෑ.

Security
 ගත්තම අපිට හිතෙන්න පුලුවන්  data අපි ලග නැති නිසා අපේ  data  ආරක්ශිතද කියලා..අපිට  data  backup  කරගත්තැකිද කියලා
හබැයි මම අර කලින් කීව ආයතන වල ඉන්නේ ලෝකෙ හොදම  cyber security expertsලා. ඒ වගේම මේ  data   store  kකරද්දි වගේම  data transit වලදිත් data encrypt කරනවා.අපිට ඕනිනම් අපේම encryption keys ලබාදෙන්නත් පුලුවන්.ඒ වගේම අපිට rules හදන්නත් පුලුවන් කාටද මේ data access කරන්න් දෙන්නෙ කියලා.
ඒ වගේම ත්මන්ට තහවුරු කරගත්තැකි මේ data uk legislation වල data protection actඑකට  අනුකූලව මේ අය තමන්ගේ data securityඑක තියාගන්නවද කියලත්.

ඔන්න ඕව තමයි serverless වල විස්තර කොහොම උනත් serverless use කරන්නනම් අපිට හොද internet connectionඑකක් අත්‍යාවශ්‍යයි.

ඉතින් මම අද මේ කතා කරේ server හා serverless ගැන ඉතා කෙටියෙන්..හිතනව ඔයාලට මේක වැදගත් වෙයි කියලා.එහෙනම් තවත් ලිපියකින් ඉක්මනටම හමුවෙමු.








1 comment: