Sunday, November 11, 2018

What is spring MVC



What is spring MVC ???





හොඳයි අපි අදින් පටන් ගන්න මේ post series එකේ මන් හිතන් ඉන්නෙ spring framework එක ගැන  කතා කරන්න.මේ පෝස්ට්  series  එකෙන්  බලපොරොත්තු වෙන්නෙ මුලින්ම spring වල short introduction එකක් කරල spring වලින් කරන්න පුලුවන් දෙවල් ගැන විස්තර ඔයාලට ගේන්න. Spring framework එක කියන්නෙ දැනට ගොඩාක් කල් ඉදන් පවතින අදටත්  industry  එකෙ ගොඩක්  use වෙන framework එකක්.ඉතින් Spring ගොඩක් කල් තිස්සෙ පරිනාමනය වෙල අද වෙනකොට ගොඩක් දියුනු වෙලා features ගොඩක් එකතු වෙල තියෙනවා.ඉතින් ඒ අලුත් features ගෙනත් අපි මේ  post series එකෙන් කතා කරන්න  බලාපොරුත්තු වෙනවා. එකෙ පලවෙනි පියවර විදියට අද අපි බලමු මොකද්ද මේ  spring MVC කියන්නෙ කියල .

What is spring MVC ??? කෙටියෙන්ම කියනවනම් , spring framework එක යටතෙ තියෙන web development වලට  යොද ගන්න framework එකක් තමයි  spring MVC කියන්නෙ … spring framework කියන්නෙ ලොකු  framework එකක් .අපි කත කරන්නෙ එක යටතෙ එන web development  වලට යොද ගන්න framework එකක් වන spring MVC   ගෙන විතරයි . ඒ වගෙම spring MVC කියන්නෙ java based web development framework  එකක් .

spring MVC කියන්නෙ  MVC architecture එක අනුව නිර්මනය උන web framework  එකක්. MVC කියන්නෙ java වලට හරි  spring වලට හරි විශේශ උන දෙයක් නෙමෙයි. MVC architecture එක අනුව වැඩ කරන  web framework ගොඩක් තියෙනව.ඒක එහෙම වෙලා  තියෙන්නෙ MVC කියන්නෙ ගොඩක් වාසි දායක design pattern එකක් නිසා .මන් දෙන් ඔයලට MVC architecture එක ගෙන පොඩ්ඩක් කියන්නම්.

M -Model
V-View
C-Controller



MVC වල M(Model) කියන්නෙ request එකක හරි  response එකක හරි තියෙන data වලට . කොටින්ම ඔය කියන්නෙ අපි මොකක් web site එකකට ගියාම අපිට මොනව හරි තොරතුරු ටිකක් නේ පෙන්න තියෙන්නේ.අන්න ඒ තොරතුරු අඩන්ගු වෙන්නෙ මෙන්න මේ කියන M(Model)  එකේ. M(Model)  එකෙන්  අරගෙන ඒ  data ටික user ට පෙන්නනව.
V(View) කියන්නෙ මේ  Model එකෙන් එන data ටික user  ට පෙන්නන විදිය .ඒ කියන්නෙ frontend  එක නැත්නම් අපි දකින  web page එක .මෙතන C(Controller) කියන්නෙ හරියට traffic police officer කෙනෙක් වගේ. Controller තීරයන  කරනව කොහොමද මේ request &   response පාලනය කරන්නෙ කියල.තව දුරටත් කිව්වොත් මොකක් හරි  request ආවම  Controller එකේ තමයි තියෙන්නෙ මේ  request ට අදාල  data (Model) මොන  web page(View)එකේද පෙන්නන්න ඕන කියන දේ.

ඉතින් spring MVC වලින්  development කරන්න පටන් ගත්තම තව දුරටත් තෙරෙයි මේ MVC architecture එකෙ හැසිරීම. ඊළඟ post එකෙන් මන් බලපොරොත්තු වෙනව spring MVC වල future එක වෙන spring boot  ගෙන කතා කරන්න ..ඊලග post එකෙන් හමුවෙමු .. 
ජය වේවා …!!!!!

-කිමා මුහන්දිරම්-





No comments:

Post a Comment