Sunday, October 14, 2018

දන්න සිංහලෙන් 5G Internet ගැන


මොකද්ද මේ 5G Internet කියන්නේ (What is 5G ?)



අපි හැමොම වගේ දැනටමත් 4G , 3G Internet පාවිච්චි කරනවා.  ලංකාවෙනම්  සමහර අය තාමත් 2G Internet උනත් පාවිච්චි කරනවා. අද මං කියන්න යන්නේ මොකක්ද මේ අලුතින්ම එන්න තියන 5G Internet Network එක ගැන. සේරටම කලින් මුලින්ම  මං කියන්න යන්නේ මොකද්ද මේ G අකුරින් කියවෙන්නේ  කියලා.   G අකුරෙන් කියවෙන්නේ Generation  කියන එක. ඒ  කියන්නේ මොන පරම්පරාවෙද  කියන එක. පරිගනක වල, පරිගනක ක්‍රමලේක භාෂාවල (Computer Programming Language ) වගේම මේ Internet Network වලත් පරම්පාරවක් තියනවා. ඒ කියන්නේ 5G කියන්නේ පස්වන පරම්පරාවෙ අන්තර්ජාල සම්බන්දයක්.   ඒ කියන්නේ දැනට තියන අලුත්ම Network එක. Genaration එකක් Upgrade  වෙනකොට දැනට තියන Speed එක වගේම අලුත් Features  එකතු වෙනවා. දැනට තියන හැම Internet Network  එකකටම වඩා විශේශතා මේ Network එකේ තියනවා. ඒ ගැන මේ ලිපියේ ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා.


            මුලින්ම අපි බලමු  5G Connection  එකක   Speed එක කොහොමද කියලා. Scientists ල කියන විදියට මේකෙ Speed එක 20Gbps විතර වෙනවා. හැබැයි ප්‍රායෝගික ලෝකයේ එක User කෙනෙක්ට මේ මුලු Speed එකම ගන්න බෑ . එක User කෙනෙක්ට අවම 100mbps  එකක Speed එකක්  ලැබෙනෙවා කියලා තමා කියන්නේ. ඒක දැනට තියන හැම එකකටම වඩා වැඩි සෑහෙන ලොකු Speed  එකක්. දැනට වර්තමන ලෝකෙ තියන Devices  එක්ක මේ වගේ  Speed එකක් කියන්නේ අත්‍යවශ්‍යම කරුනක්.

            අනිත් වැදගත්ම කරුන තමා Latency එක. ඒ කියන්නේ  Data Packet එකක් Sender ගේ ඉදන් Receiver ට යන්න ගතවන කාලය (Radio network contribution to packet travel time). Network එක කොච්චර Speed  උනත් වැඩක් නෑ මේ Latency එක වැඩි වෙනවා නම්. MultiPlayer Game  ගහද්දි , Video Call ගද්දි වගේ දේවල් වලින් දැනට තියන Network වල Latency එක කොච්චර වැඩිද කියලා පේනවා. නමුත් මේ 5G Network එකේ Latency එක 1ms වගේ ඉතා කුඩා අගයක් ගන්නවා. ඇත්තම කීවොත් Latency එකක් නෑ වගේ.

            අනිත් කරුන   තමා මේකෙ  Energy efficiency එක ( Data sent/received per unit energy consumption (by device or network)) නම් 4G  Network  එකේ ප්‍රමානයම තමා කියලා තමා සදහන් වෙන්නේ. ඒ කියන්නේ ඒ ප්‍රමානයක Energy efficiency එකක් හොදටම ප්‍රමානවත් කියලද දන්නේ නැ. කොහොම හරි  අපේ ෆෝන් වල ලැප් වල Battry Life   එක ගැන අපිට තව දුරටත් හිතලා බලන්න වෙයි.

            අනිත් කරුන තමා Connection density එක. ඒ කියන්නේ ඒකක ප්‍රදේශයක් තුල Network  එකට Connect   කරන්න පුලුවන් Device  ප්‍රමානය (Total number of devices per unit area). මේ ප්‍රමානය වර්ග කිලෝමීටරයකට 106 ක්(106 /km2) ඒ කියන්නේ මිලියනයක් වගේ අති විශාල ප්‍රමානයක් ගන්නවා. දැන් ඔයාල බලනවා ඇති මොකටද මේ වගේ විශාල  ප්‍රාමානයක් Network එකකට Connect  කරන්නේ කියලා . ඇයි වර්ග කිලෝමීටරයක ෆෝන් ලැප් මිලියනයක් නෑනේ. ඒකට උත්තරේ නම් ඔයාලත් දැනටමත් මතක් වෙනවා ඇති.  IoT (Internrt of Things) තමා මේකට උත්තරේ. දැන් අලුත්ම Trend එක තමා  IoT . මේ Concept  එකෙන් කියවෙන විදියට අපි දැනට භාවිතා කරන හැම Device  එකක්ම Internet  එකට Connect  වෙලා තියෙන්නේ. 

ඔව් අපි පාවිචිචි  කරන ටීවී ශීතකරන පවා. මේ නිසා අපේ එදිනෙදා  වැඩ ගොඩක් පහසු එනවා වගේම ගොඩක් කාර්යක්ශ්‍යම වෙනවා. මගේ මේ ලිපියේ අරමුන IoT ගැන කියන එක නෙවේනේ. මන් කියන්නම් 5G Network  එක මේ වැඩේට කොහොමද වැදගත් වෙන්නේ කියලා. අපේ Device  සේරම Internet  එකට සම්බන වෙනවා කියන්නේ ඒ පාවිච්චි කරන Network එකේ Speed  එක ගොඩක් වැඩි වෙන්න ඕන. Latency එක ගොඩක් අඩු වෙන්න ඕන. ඒ විතරක් නෙවේ අති විශාල Device ගානක් Network එකත් එක්ක Connect  කරන්න පුලුවන් වෙන්න ඕන. දැන් හිතෙනවා නේද 5G Network  එක ගෙනාවෙ මොකද කියලා. Network එක 4G ඉදලා 5G වෙනකන් Upgrade  කරන්න මූලිකම හේතුවක් තමා මේ IoT Concept  එක. IoT Concept  එකේ සේරම ප්‍රස්න වලට පාහේ විසදුම් 5G Network එකෙන් ගේන්න පුලුවන් වෙලා තියනවා. මේ හේතු සේරම නිසා 5G Internrt කියන්නේ පෙරෙලිකාර දෙයක්.

            දැන් අපි බලමු මේ 5G සිග්නල් සම්ප්‍රෙශනය ගැන කරුනු කිහිපයක්. සාමාන්‍යයෙන් 4G Tower එකකින් යවන සිග්නල් හැම පැත්තටම එකම විදියකට යවන්න තම හදලා තියෙන්නෙ. සමහර වෙලාවට එක ප්‍රදේශයක ඉන්න මිනිස්සු එක වෙලාවක Internet පාවිච්චි කරන්නේ නැති වෙන්න පුලුවන්. නමුත් Tower එක හැම පැත්තටම  Transmit  කරනවා

මේක ඇත්තටම තේරුමක් නැති වැඩක්. මේ ගැටලුව 5G Network එකේදි හරි අපූරුවට විසදලා තියනවා. ඒ Beamforming කියලා Technology  එකක් පාවිච්චි කරලා. එකෙන් මොකක් හරි පැත්තක මිනිස්ස්සු වැඩිපුර ඉන්ටනෙට් පාවිච්චි කරනවා නම්  ඒ පැත්තට Signal Focus   කරන්න පුලුවන්. ඒ විතරක් නෙවේ ඒකේ අනිත් පැත්තත්, මොකක් හරි ප්‍රදේශයක මිනිස්සු අඩු නම් ඒ පැත්තේ Signal Strength  එක අඩු කරන්න පුලුවන්. මේකෙන් Tower  එකේ කාර්යක්ෂමතාව වැඩි වෙනවා.

            දැනට පරීක්ශන මට්ටමේ තියන මේ 5G ලෝකයේ ගොඩක් තැන්වල අත්හදා බලලා තියනවා. 2020 ඔලිම්පික් තියෙන්නේ ජපනේ ටෝකියෝ වල. ඒකට ඔලිම්පික් නගරයක් නිර්මානය වෙනවා. ඒකෙදි මුලු නගරෙම 5G Network එකකින්  සම්බන්ද කරන්න විද්‍යාඥයන් බලාපොරොත්තුව වෙනවලු. ඒකෙන් මේ 5G ලෝකෙ පුරාම ප්‍රසිද්ද වෙයි. ඒ විතරක් නෙවේ මේකට 4G Network එකට මුහුන පාන උන ප්‍රස්නෙටම මුහුනපාන්න සිදු වෙලා තියනවා කියලා තමා කියන්නේ. ඒ තමා අපේ Device  වල Capability එක. මුලු ලෝකෙම තියන 5G Device  එකම Stand  එකකට එකට ගන්න විද්‍යාඥයයයෝ මහන්සි වෙනවා කියලා තමා ආරන්චි. ආ තව ලංකාවෙ අයටත් සුබ ආරංචියක් තියනවා. දකුනු ආසියාවෙ පලවෙනි 5G Network එක අත්හදා බලලා තියෙන්නේ ලංකාවෙ කොලබ නගරයේ . ඒ ඩයලොග් ආයතනය විසින්. ඒ කියන්නේ අපිටත් නුදුරු අනාගත්යේම 5G Internet සම්බනතාවයක් ලැබෙයි. (අනාගතය අදයි කියන්නේ නිකන්ම නෙවෙයි නේ.). 2025 වෙනකොට මුලු ලෝකේ  පුරාම 5G Internet ව්‍යාප්ත වෙයි කියලා තමා කියන්නේ.


             5G Internet Network එකක මූලිකම කරුනු ටිකක් මේ ලිපියේ මං ඉදිරිපත්  කලා. අපි එහෙනම් වෙනා දවසක වෙනත් ලිපියකින් හමුවෙමු.

                            - Tharindu malshan -



3 comments: