Sunday, October 14, 2018

Angular 6 මුල සිට... - Intro


ආයුබෝවන් ඔයාල හැමෝටම...අද මං කියල දෙන්න යන්නෙ angular කියන්නෙ මොකද්ද සහ angular ත් එක්ක ඉස්සරහට වැඩ කරන්නෙ කොහොමද කියල කියල දෙන්න...මේක ලිපි මාලවක් විදියට දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා...

හරි.angular කියල කියන්නෙ open source front-end web application platform  එකක්..මේකට  open source කියන්නෙ මේකෙ source code එක අපට මේ ලින්ක් එකෙන්  ගිහින්  ඩව්න්ලෝඩ් කරගන්න පුලුවං.ඒ වගේම ඒක වෙනස් කරන්න සහ ඒකට contribute කරන්නත් අවස්තාව තියෙනව..angular කියල 100%  free platform එකක්.. ඒ වගේම angular කියන්නෙ google ලගෙ වැඩක්...

මීට අවුරුදු 7 කට විතර කලින් release උනු angularJS කියන එකේම latest version තමයි angular 2,angular 4,angular 5 සහ මේ වෙද්දි තියෙන latest ම version එක angular 6 කියන්නෙ..මේ තියෙන්නෙ එයාලගෙ website එක.ඔයාලත් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.



ඉතිං මේ ලිපි මාලාවෙන් කියල දෙන්න යන්නෙ angular 6 ගැන.angular 6 කිව්වට බයවෙන්න එපා...මේ කලින් කියපු version හැම එකකම basics ගොඩක් දුරට සමානයි.

වැඩි කතා ඕන නෑ..අපි වැඩේට බහිමු..මුලිම්ම angular ඉගෙන ගන්න කලින් අපි දැනගෙන ඉන්න ඕන දේවල් මොනවද කියල බලමු.

  1. HTML පිලිබඳ පොඩි දැනුමක්
  2. CSS ටිකක්
  3. Javascript/Typescript
  4. terminal එකත් එක්ක වැඩකරන හැටි
දැන් ඔයාලට මේ උඩ කියපු දේවල් බෑ කියල බයවෙන්න එපා...මේ පාඩම දිගටම කරගෙන යද්දි ලේසියෙන්ම ඒව ගැන දැනගන්න පුලුවං.

හරි.දැන් අපි බලමු development environment  එක setup කරගන්න හැටි...ඒ කියන්නෙ ඔයාලගෙ computer එක angular develop කරන්න පුලුවන් විදියට හදාගන්න හැටි..

මුලින්ම ඔයාගෙ ලැප් එකේ node install කරල තියෙන්න ඕන...ඒක නැත්නම් මෙතනින් ගිහිං download කරගන්න.. 
ඔය ලින්ක් එකට ගියාම මේ වගේ page එකකට යාවි..



ඒකෙ "Recommended for most users" කියන තැනින් setup එක download කරගෙන install කරගන්න..(install කරග්න්න විදිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..default settings දීල install කරන්න තමයි තියෙන්නෙ..)


ඊලගට ඔයාට මේ වැඩේට text editor එකක් ඕන වෙනවා... මේකට Visual Studio Code,Web Storm වගේ text editor එකක් use කරන්න පුලුවං... මෙතනින් ගිහිං Visual Studio Code එකේ setup එක download කරගෙන install කරගන්න...




හරි..දැන් තියෙන්න angular CLI එක install කරගෙන අලුත් angular ප්‍රොජෙක්ට් එකක් හදාගන්න...අපි ඒක කරන හැටි ඊලග ලිපියෙන්  බලමු.
මේ කියපු දේවල් වල ප්‍රශ්න අඩුපාඩු තියේනම් යටින් comment එකක් දාගෙන යන්න..
කියෙව්වට ඉස්තූතීයි..

ජයවේවා...!!!

References : www.javatpoint.com , learntocoding.com

1 comment: