Sunday, October 14, 2018

Angular 6 පාඩම - 2

අපි කලින් ලිපියෙන් කතා කලා nodejs සහ VScode install කරගන්නා හැටි..ඔයාල මේ වෙද්දි ඒ දෙක හරියට install කරගෙන ඇති කියල හිතනවා...
cmd එක අරගෙන ඒකෙ මේ විදියට type කරල බලන්න...


node version එක බලාගන්න >node -v

npm version එක බලාගන්න >npm -v



හරි...දැන් අපි angular cli එක install කරගන්නයි යන්නෙ...මේක කරන හැටි https://cli.angular.io  ගියොත් බලාගන්න පුලුවන්...



cmd එක open කරල පලවෙනියට තියෙන මේ command එක type කරල enter කරන්න.

npm install -g @angular/cli

මේකෙ -g කියන එකේ තේරුම තමයි ඔයාගෙ computer එකට globally angular install කරනව කියන එක.
මේ වැඩේට තත්පර කිහිපයක් යාවි.
අමතක කරන්මේන එපා මේ  වැඩේ හරියට වෙන්න නම්  ඔයාගෙ computer එක internet එකට connect වෙලා තියෙන්නම ඕනි.

දැන් ඔයාලගෙ computer එකට angular install වෙලා ඉවරයි.

අපි දැන් අලුතින් angular project එකක් හදාගන්නනයි යන්නෙ..කොහොමද මේක කරන්නෙ...
ඉස්සල්ලම ඔයාගෙ ප්‍රොජෙක්ට් එක save කරගන්න hard එකේ තැනක් තෝරගන්න..(මම  D partition ekee "My projects" කියල Folder එකක් හදාගත්තා.. D:\My Projects)
හරි දැන් ඔය කියන තැනට cmd එක ගන්න ඕන...මේක ක්‍රම කිහිපයකට කරන්න පුලුවන්.
  1. folder එක ඇතුලට ගිහිල්ල Shift Key එක press කරගෙන write  click කරන්න.එතකොට " open command prompt here " කියල ඒවි.ඒක click කරන්න.
  2. එහෙම නැතිනම් older එක ඇතුලට ගිහිල්ල address bar එකේ cmd කියල type කරල enter කරන්න.
  3. එහෙමත් නැතිනම්  cmd එකේ cd <folder address> (cd D:\My Projects) මෙහෙම කරල enter කරන්න.
මේ මොනවිදිහට කලත් දැන් පහල  තියෙන විදියට cmd එක  ඇවිත් තියේවි.


දැන් මෙතන පහල තියෙන විදියට type කරල enter කරන්න.

>ng new <your_project_name>

ex: ng new myfirstproject

මේ වැඩේට ටික වෙලාවක් යයි.මිනිත්තුවක් 2ක් වගේ...



දැන් ඔයාලගෙ folder එකේ ඔයා දාපු නමින් folder එකක් හැදිල ඇති.

දැන් ඔයා cd <your_project_name> කියන command එක ගහල ඒ හැදුනු folder එක ඇතුලට යන්න ඕන..(මගේ නම් cd myfirstproject)


දැන් අපි හදාගත්තු ප්‍රොජෙක්ට් එක run කරන්නයි යන්නෙ...
අපේ cmd promt එකේ මේ විදියට type කරන්න..

  > ng serve


හරි.දැන් ඔයාලගෙ internet browser(ex:Google Chrome) එකට ගිහින් localhost:4200 කියල type කරල enter කරන්න...
ඔයා හරියට කලා නම් පහල විදියට ඔයාගෙ project එක පෙන්නාවි..


ඔන්න අද ඔයාල angular project එකක් හදල ඒක serve කරන්න ඉගෙන ගත්තා...
අද පොස්ට් එකේ අමාරු දෙයක් තියේනම් පහලින් comment එකක් දාන්න...මීලග post එකන් ආයෙත් හමුවෙමු.

ඉස්තූතියි...

ජයවේවා...

No comments:

Post a Comment