අද කතා කරන්න යන්නේ කොහොමද DNS server එකක් වැඩ කරන්නේ කියල ..
මුලින්ම DNS කියන්නේ Domain Name System කියන එක.
මිනිස්සු තව කෙනෙක් ගෙන් හදුනා ගන්න නමක් පාවිච්චි කරනව වගේම network එකක තියෙන devices එකිනෙක හදුනාගන්න ඒ අය numbers(Ip addresses)පාවිච්චි කරනවා.
මෙන්න මේ වෙනස් gap එක නැති කරන්න network engineers ලා DNS කියලා system එකක් හදලා තියෙනව. එකෙන් මේ computer world එකේ use වෙන ip addresses වලට අපිට තෙරෙන විදිහට නමක් assign කරනව..
අපි browser එකේ වෙබ් address එකක් උදාහරනයක් විදිහට google.comකියලා ගහනව..
එහෙම ගහන් නැතුව අපිට ඕනිනම් 172.217.194.113 වගේ එකක් ගහන්නත් පුලුවන්..ඒ යන්නෙත් google එකටමයි ඒත් අපිට ඒ විදිහ හුරු නෑ ඒක පහසුත් නෑ.මොකද මිලියන ගානක් web addresses තියෙනව.. අපිට ඕවා මතක හිටින් නෑනෙ.
ඉතින් කොහොමහරි අපි browser එකේ google.com කියලා ගහපුවාම.dns server එක ඒක එයාගෙ database එකේ හොයනව match වෙන ip address එකක් තියෙනවද කියලා.එහෙම ගැලපෙන ip address එකක් තිබුනොතින් අපේ computer එකට පුලුවන් google web server එක්ක connect වෙන්න.dns වැඩ කරන්නෙ හරියට phone book එකක් වගේ ..(නම බලලා num එක හොයාගන්නව වගේ ).
දැන් බලමු මේ වැඩේ වෙන්නෙ කොහොමද කියල..
මුලින්ම අපි google.com කියලා ගහපුවාම browser එකේ අපේ web browser එකට හරි OS එකට හරි හොයා ගන්න බැරි උනොත් අපේ computer එකේ cache එකේ ..computer එක query එකක් යවනව ඊලග level එකට, ඒ කියන්නෙ resolver servrer ලගට.resolver server කියන්නෙ ඔයාගෙ internet service provider. ඊට පස්සෙ මේ resolver server එයාගෙ cache එක check කරල බලනව google.com කියන එකට ගැලපෙන ip address එක තියෙයිද කියලා
එයාට හොයාගන්නත් බැයිනම් එයා ඊලග level එකට query එකක් යවනව. ඒ තමා root server එක.dns hierarchy එකේ top එකේ ඉන්නේ root server එක.
root servers set 13 ක් තියෙනවා.ලෝකේ පුරා විවිද තැන් වල ස්තාපිත කරලා.organization 12 කින් operate කරනව.
root server එකට resolver query එක යවපුවාම Root server දන්නෙ නෑ මොකක්ද අදාල IP address එක කියලා..එයා දන්නව reolverව යවන්න ඕනි කොහාටද කියලා.root server,resolver ව TLD server එකට යවනව TLD කියන්නෙ Top Level Domain Server එකට (.com domain එකට අදාලව ) .දැන් resolver අහනව TLD server එකෙන් google.com එකට අදාල ip address එක.
TLD server එක store කරගෙන තියාගන්නව address information,top level domain සදහා.
උදාහරන:- .com , .NET , .ORG වගේ ඒවා.
මේ අපි සලකන TLD server එක තියාගෙන ඉන්නේ(manage කරන්නෙ) .COM domain විතරයි.google.com කියන්නෙත් ඒ වගේම එකක්නේ.හැබැයි මේ TLD serve එක දන්නෙ නෑ
මොකක්ද ip address එක කියලා google.com එකට ගැලපෙන.ඊටපස්සේ TLD server, Resolver එක අන්තිම level එකට නැත්නම් අන්තිම server එකට යොමු කරවනව.
ඒ තමා Authoritative Name Server.
එයාගෙන් Resolver අහනව ip address එක google.com එකේ.Authoritative Name Server මෙයා domain එකක් ගැන ip address ඇතුලුව හැමදේම දන්නව.මේක තමා අන්තිම කෙනා.මෙයා තමා අන්තිමට resolver ට google.com එකේ ip address එක යවන්නේ..
ඊට පස්සෙ resolver කියනවා ඔයාගෙ pc එකට මේකයි ip address එක කියලා.. දැන් pc එකට පුලුවන් google web page එක retrieve කරගන්න.
එක පාරක් resolver ip address එකක් ගත්තට පස්සේ එයා ඒක store කරගන්නව cache එකේ.එතකොට ආයෙම අර විදිහට මුල ඉදලම යන්න ඕනි නෑ..
ඔන්න ඔහොම තමා ඔය වැඩේ සිද්ද වෙන්නේ. එහෙනම් අදට එච්චරයි. වෙනත් ලිපියකින් ඉක්මනින්ම හම්බවෙමු..
Keep up the good work!!! good luck!!
ReplyDelete